Break into English - Phase - 2 (Answers)

Break into English - Phase - 2

Ideas into English – 5
 

1. මම එහෙ ගියේ ඊයේ උදේ. - I went there yesterday morning.

2. මම ඒ ගැන අම්මට කිව්වේ නෑ. - I didn't tell mother about it.

3. ඔයා බිල ගෙව්වද? - Did you pay the bill?

4. මම අම්මගෙන් ඇහැව්වා මේ ගැන ඊයේ රෑ. - I asked mother about this last night.

5. මම උත්සහාකලේ නෑ ඒක කරන්න ඊයේ. - I didn't try to do it yesterday.

6. ඔයා සමන්ට කිව්වද වේලාසනින් එන්න කියලා? - Did you tell Saman to come early?

7. මම රෙදි සේදුවේ ගිය සඳුදා. - I did the washing last Monday.

8. මම රෙදි මැද්දේ නෑ අද උදේ. - I didn't do the ironing yesterday morning.

9. ඔයා බඩු ගෙනාවේ පසුගිය සති අන්තයේදීද? - Did you do the shopping last weekend?

10. මම අද උදේට කෑවේ පරක්කු වෙලා. - I had breakfast late?

11. මම ඇයත් එක්ක චැට් එකක් දැම්මේ නෑ ඊයේ සාදයේදී. - I didn't have a chat with her at the party yesterday.

12. ඔයා ෂවර් එකක් දාගත්තද ටිකකට කලින්. - Did you have a shower a while ago?

13. මම ඔයාව දැකලා තියෙනවා. - I have seen you.

14. මම අත්වැරැද්දක් කරලා. - I have made a mistake.

15. මම ඇයට කියලා තියෙන්නේ. - I have told her.

16. මම දැන් ඇයට ෆෝන් කලේ. - I have just phoned her.

17. මම රෙදි ටික මැදලා තියෙන්නේ. - I have done the ironing.

18. මම දවල්ට කාලා ඉන්නේ. - I have had lunch.

19. ඔවුන් නුවර ගිහිල්ලා. - They have gone to Kandy.

20. මම යාපනේ ගිහිල්ලා තියෙනවා. - I have been to Jaffna.

21. මම මේ ෆිල්ම් එක බලලා නෑ. - I haven't watched this film.

22. මට ලියුම ලැබිලා නෑ. - I haven't received the letter.

23. මම උදේට කාලා නෑ. - I haven't had brekfast.

24. මම පිඟන් කෝප්ප සෝදලා නෑ. - I haven't done the washing up.

25. මම අළුත් රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා නෑ. - I haven't been to the new restaurant.

26. ඔයා මේ පොත කියවලා තියෙනවද? - Have you read this book?

27. ඔයා පොලීසියට දන්වලද? - Have you informed the police?

28. ඔයා මාව කලින් දැකලා තියෙනවද? - Have you seen me before?

29. ඔයා ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවද? - Have you been to India?

30. මම රෑට කකා හිටියේ තාත්තා ගෙදර එනකොට. - I was having dinner when father came / got home.

31. මම ටීවී බලබල හිටියේ ඊයේ මේ වෙලාවට. - I was watching TV at this time yesterday.

32. මම බිම අතුගාමින් සිටිය අතරතුරේ මට මේක හම්බවුනේ. - I found this while I was sweeping the floor.

33. මම මොකුත් වැදගත් දෙයක් කරකර නෙවෙයි හිටියේ ඔයා මට ෆෝන් කරන කොට. - I wasn't doing anything important when you phoned me.

34. ඔයා ගෙදරට පයින් යමින්ද හිටියේ අනතුර වුනු වෙලාවේ? - Were you walking home when the accident happened?

35. මට අමතක වුනා දොර ලොක් කරන්න. - I forgot to lock the door.

36. මම අමතක කලේ නෑ ඔවුන්ට ස්තුති කරන්න. - I didn't forget to thank them.

37. ඔයාට අමතකවුනාද සමන්ට ආරාධනාකරන්න ඔයාගේ සාදයට? - Did you forget to invite Saman to the party?

38. මට ඕනි වුනේ ඇත්ත කථකරන්න. - I wanted to speak the truth.

39. මට ඕනි වුනේ නෑ ඔවුන් එක්ක වාදකරන්න. - I didn't want to argue with them.

40. ඔයාට ඕනි වුනාද ඒ ගැන වැඩිපුර දැනගන්න? - Did you want to know more about it?

 41. මම සතුටුවුනා අනිත් අයට උදවුකිරීමෙන්. - I enjoyed helping others.

42. මම සතුටුවුනේ නෑ ඔවුන් එක්ක කාලය ගතකිරීමෙන්. - I didn't enjoy spending time with them.

43. ඔයා සතුටුවුනාද ඔවුන්ට ඒ විෂය ඉගැන්වීමෙන්? - Did you enjoy teaching that subject to them?

44. අපි මොනවහරි කමු නේද? - Let's have something to eat, shall we?

45. අපි කෙටී පාරකින් යමුද? - Shall we take a shortcut?

46. ඔයා වේලාසනින් අවදිවිය යුතුයි. - You should wake up early. / You ought to wake up early.

47. ඔයා මේක අල්ලන්න හොඳ නෑ. - You shouldn't touch this. / You oughtn't to touch this.

48. මම මේ අංකය මතක තියාගන්න ඕනිද? - Should I remember this number?

49. ඔයා පාස්වර්ඩ් එක මාරුකලොත් හොඳයි. - You had better change the password. / You'd better change the password. / You better change the password.

50. ඔයා කාටවත් බාධා නොකලොත් හොඳයි. - You'd better not disturb anyone.

51. ඔයාට වේලාසනින් පටන්ගන්න වෙනවා. - You're supposed to start early.

52. ඔයාට මේක කරන්න නෑ. - You aren't supposed to do this.

53. මට මේ බිල ගෙවන්න වෙනවද? - Am I supposed to pay this bill?

54. ඔයා නිහඬව ඉන්නම ඕනි. - You must keep quiet.

55. ඔයා මේ පෙට්ටිය අරින්නම එපා. - You mustn't open this box.

56. මම මේ ලියවිල්ල අත්සන්කරන්නම ඕනිද? - Must I sign this document?

57. ඔයාට මේ අදහස අත්හැරගන්නම වෙනවා. - You have to give up this idea.

58. ඔයාට ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න නෑ. - You don't have to answer all these questions. 

59. මට මේ රැස්වීම කල්දාන්න වෙනවද? - Do I have to call off this meeting?

60. ඔයාට මේ ෆෝම් එක පුරවන්න අවශ්‍යයි. - You need to fill in this form.

61. ඔයා මේ අවදානම ගන්න ඕනි නෑ. - You don't need to take this risk. / You needn't take this risk.

62. මම හැමෝටම දන්වන්න අවශ්‍යද? - Do I need to inform everyone?

63. මට පුළුවන් වුනා අන්තිම විභාගය පාස්වෙන්න ඉක්මනින්. - I was able to pass the final exam soon.

64. මට බැරිවුනා මගේ වාර්ථාව ඉවරකරන්න. - I couldn't finish my report.

65. ඔයාට පුළුවන් වුනාද ඔවුන්ගේ හිත දිනාගන්න? - Were you able to impress them?

66. මට ගස් නගින්න පුළුවන්කම තිබුනා මම පොඩි කාලේ. - I could climb trees when I was young.

67. මට ඉංග්‍රීසි තෙරුම්ගන්න බෑ මම 3 ශ්‍රේණියේ හිටපු කාලේ. - I couldn't understand English when I was in grade 3.

68. ඔයාට ඉංග්‍රීසි කථාකරන්න පුළුවන්කම තිබුනද ඔයා එංගලන්තයේ හිටපු කාලේ? - Could you speak English when you were in England?

69. මට ඇහුනා ඔයාගේ කටහඬ. - I heard your voice. / I could hear your voice.

70. මට දැනුනේ නෑ කිසි වේදනාවක්. - I didn't feel any pain. / I couldn't feel any pain.

71. ඔයාට මතක තිබුනද මගේ ලිපිනය? - Did you remember my address? / Could you remember my address?

72. මට තිබුනා පාටියක් යාමට. - I had a party to go.

73. මට තිබුනේ නෑ ඇතිතරම් කාලය චැට් එකකට. - I didn't have enough time for a chat.

74. ඔයාට තිබුනද ගොඩක් වැඩ කරන්න? - Did you have a lot of work to do?

75. මට සිද්දවුනා ඇයට හැමදෙයක්ම කියන්න. - I had to tell her everything.

76. මට තිබුනේ නෑ ඒ බිල ගෙවන්න. - I didn't have to pay that bill.

77. ඔයාට ඔවුන්ගේ බබා බලාගන්න උනාද? - Did you have to look after their baby? / Did you have to babysit for them?

78. මම ජයග්‍රාහකයෙක් වුනා ඊයේ තරඟයේ. - I was a winner in the competition yesterday.

79. මම හිටියේ මගේ යාළුවා එක්ක නෙවෙයි ඔයා මාව දැකපු වෙලාවේ. - I wasn't with my friend when you saw me.

80. ඔයා හිටියේ වත්තේද නැත්නම් උඩතට්ටුවේද ඒ සිදුවීම සිදුවුනු වෙලාවේ? - Were you in the garden or upstairs when that incident happened?


Ideas into English – 6

1. කාගෙද මේ කමිසය? - Whose is this shirt?

2. කොහෙද මේ සහතික ටික තිබුනේ? - Where were these certificates?

3. ඔයා අර කන්ද නැගලා තියෙනවද? - Have you climbed that mountain?

4. කාගෙද අර ගෙවල් ටික? - Whose are those houses?

5. මම එක් එක් වගන්තිය කියෙව්වා සැලකිල්ලෙන්. - I read each statement carefully.

6. සෑම සිසුවෙක්ටම තිබුනා අවස්ථාවක්. - Every student has an opportunity.

7. ඔයාට නිදහස තියෙනවා තීරණ දෙකින් එකක් ගන්න. - You have freedom to take either decision.

8. පරීක්ෂණ දෙකින් එකක් වත් අමාරු වුනේ නෑ. - Neither test was difficult.

9. කිසි ගැටළුවක් තිබුනේ නෑ. - There was no problem.

10. මට පුළුවන්වුනා එක දෙයක් කරන්න ඇය වෙනුවෙන්. - I was able to do one thing for her.

11. අභියෝග දෙකක් තිබුනා අපිට මුහුණ දෙන්න. - There were two challenges for us to face.

12. මට පුළුවන් වුනා හඳුනාගන්න කරුණු තුන. - I was able to identify the three facts.

13. ඔයාට පුළුවන් වුනාද පළවෙනි අදියර සම්පූර්ණ කරන්න? - Were you able to complete the first stage?

14. යම් සිදුවීමක් සිදුවෙලා තියෙනවා ඔවුන් දෙන්නා අතර. - Some incident has happened between them two.

15. සමහර වැඩසටහන් ඇත්තටම රසවත්වුනා. - Some programmes were really interesting.

16. ප්‍රශ්න ඔක්කොම ලේසි වුනාද? - Were all questions easy?

17. මෙහේ තියෙන බොහොමයක් පාඨමාලා මිලදැරිය හැකියි. - Most courses here are affordable.

18. මම ගනීවී ඕනිම අවස්ථාවක්. - I will take any opportunity.

19. ඔහුගේ රාජකාරිය පිරිසිදුකම පවත්වාගන්න එක. - It's his duty to maintain cleanliness.

20. ඇයගේ වගකීම වුනේ පද්ධතිය ආරක්ෂාකරන එක. - It was her responsibility to protect the system.

21. මොකක්ද ඒකේ ප්‍රධාන වාසිය? - What's its main advantage?

22. උගේ සම වියළියි. - Its skin is dry.

23. කපිලගේ දෙමාපියන් හිටියේ නෑ සාදයේ. - Kapila's parents weren't at the party.

24. ඒක සිදුවුනේ මගේ ප්‍රමාදය නිසා. - It happened because of my delay.

25. ඔයා වෙන මොනවද දන්නේ අපේ සංස්කෘතිය ගැන? - What else do you know about our culture?

26. ඔයාගේ පැමිණීම ඇයව පුදුම කරවයි. - Your presence will surprise her.

27. ඔයාලගේ නොපැමිණීම ගැටළුවක් වෙයි. - Your absence will be a problem.

28. මේ වැඩසටහන තුල ඔවුන්ගේ සාභාගීත්වය වැදගත්. - They participation in this programme is important.

29. මට බැරිවුනා උන්ගේ හැසිරීම අධ්‍යයනය කරන්න. - I couldn't study their behaviour.

30. මොනවද ඒවායේ බලපෑම්? - What are its effects?

31. මොකක්ද කළමණාකරුගේ තීරණය වුනේ? - What was the manager's decision?

32. ඔවුන් වැඩිකරන්නයි යන්නේ ගුරුවරුන්ගේ වැටුප. - They are going to increase teachers' salary.

33. ඕනෑවට වඩා සීමාකිරීම් තිබුනා. - There were too many restrictions.

34. ඕනෑවට වඩා පෝෂණයට පුළුවන් සෞඛ්‍ය ප්‍රශ්න ඇතිකරන්න. - Too much nutrition can cause health problems.

35. ඕනි තරම් විධි තියෙනවා ඉංග්‍රීසි කථාකිරීම පුහුණු වෙන්න. - There are plenty of ways to practice speaking English.

36. ඇයට තිබුනා ඇතිතරම් සුදුසුකම් ඒ රැකියාවට. - She had enough qualifications for that job.

37. හැමෝටම ගොඩාක් අභියෝග තිබුනා ගිය අවුරුද්දේ? - Everyone had lots of challenges last year.

38. උත්සහායන් දෙකම ව්‍යර්ථ වුනා. - Both attempts failed.

39. ඇයගේ පුතාලා දෙන්නට වයස කොච්චරද ඇය මියයන කොට? - How old were her two sons when she died?

40. මට තාම මතකයි ඒ සිදුවීම් හතර. - I still remember those four incidents. / I can still remember those four incidents.


PRESENT, PAST AND FUTURE IN BRIEF

 

PRESENT

PAST

FUTURE

1

මම කනවා. – I eat.

ඇය කනවා. – She eats.

මම කෑවා. – I ate.

මම කන්නම්. – I’ll eat.

ඇය කයි. – She’ll eat.

2

මම කකා ඉන්නේ.

– I’m eating.

ඔහු කකා ඉන්නේ.

– He’s eating.

මම කකා හිටියේ.

– I was eating.

ඔහු කකා හිටියේ.

– He was eating.

මම කකා ඉඳීවී.

– I’ll be eating.

3

මම එකතුවෙන්නයි යන්නේ.

– I’m going to join.

මම එකතුවෙන්නයි හිටියේ.

– I was going to join.

 

4

මම සූදානම්.

– I’m ready.

මම සූදානමින් හිටියේ.

– I was ready.

මම සූදානමින් ඉඳීවි.

– I’ll be ready.

5

ඔයා ජයග්‍රාහකයෙක්.

– You’re a winner.

ඔයා ජයග්‍රාහකයෙක් වුනා.

– You were a winner.

ඔයා ජයග්‍රාහකයෙක් වේවි.

– You’ll be a winner.

6

ඇය හන්දියේ.

– She’s at the junction.

ඇය හිටියා හන්දියේ.

– She was at the junction.

ඇය ඉඳීවි හන්දියේ.

– She’ll be at the junction.

7

අපි එතන.

– We are there.

අපි එතන හිටියේ.

– We were there.

අපි එතන ඉඳීවි.

– We’ll be there.

8

ලේසියි. – It’s easy.

ලේසි උනා. – It was easy.

ලේසි වේවි. – It’ll be easy.

9

මිනිස්සු ඉන්නවා.

– There are people.

මිනිස්සු හිටියා.

– There were people.

මිනිස්සු ඉඳීවී.

– There will be people.

10

ඉඩ තියෙනවා.

– There’s space.

ඉඩ තිබුනා.

– There was space.

ඉඩ තියේවි.

– There’ll be space.

11

මට කාලය තියෙනවා.

– I have time.

– I’ve got time.

මට කාලය තිබුනා.

– I had time.

මට කාලය තියේවි.

– I’ll have time.

12

මට යන්න වෙනවා.

– I have to go.

– I’ve got to go.

– I gotta go.

මට යන්න උනා.

– I had to go.

මට යන්න වේවි.

– I’ll have to go.

13

මට දිනන්න පුළුවන්.

– I can win.

මට දිනන්න බෑ.

– I can’t win.

මට දිනන්න පුළුවන්වුනා.

– I was able to win.

මට දිනන්න බැරිවුනා.

– I couldn’t win.

මට දිනන්න පුළුවන් වේවි.

– I’ll be able to win.

මට දිනන්න පුළුවන්වෙන එකක් නෑ. – I won’t be able to win.

14

මම නටන්න පුළුවන්.

– I can dance.

මට නටන්න බෑ.

– I can’t dance.

මට නටන්න පුළුවන්කම තිබුනා. – I could dance.

මට නටන්න පුළුවන්

කම තිබුනේ නෑ. – I couldn’t dance.

ඔයාට නටන්න පුළුවන් වේවි. – You won’t be able to dance.

ඔයාට නටන්න පුළුවන්වෙන එකක් නෑ. – You won’t be able to dance.

15

මම ඇයට කියලා තියෙන්නේ.

– I have told her.

ඇය මට කියලා තියෙන්නේ.

– She has told me.

මම ඇයට කියලා තිබුනේ.

– I had told her.

මම ඇයට කියලා තියේවි.

– I’ll have told her.



Ideas into English - 7

1. මම ඉංග්‍රීසි කථාකරනවා. 

2. ඇය අයිති අපේ කණ්ඩායමට. 

3. මම ඒ ගැන කල්පනාකලා ඊයේ රෑ. 

4. මම ඇයව සම්බන්ධකරගන්න බලන්නම්. 

5. හැමෝම මේ තීරණයට විරුද්ධව නැගීසිටීවි. 

6. ඔවුන් තොරතුරු එකතුකරමින් ඉන්නේ වාර්ථාවට. 

7. මම වැඩට වාහනයෙන් යමින් හිටියේ මම ඒක දැකපු වෙලාවේ. 

8. ඇය මාත් එක්ක කාඩ් අතක් ගගහ හිටියේ ඊයේ මේ වෙලාවට. 

9. අපි රෑ කෑමෙන් පස්සේ ටීවී ටිකක් බලබල හිටියේ ඊයේ 9.30 ට. 

10. මම එංගලන්තයේ වැඩකරකර ඉඳීවී ලබන මාසේ මේ වෙලාවට. 

11. ඔවුන් ඔයා එනකං බලාගෙන ඉඳීවී ඔයා එතෙන්ට යන කොට.

12. මම මාර්ගගත රැකියාවක් හොයාගන්නයි යන්නේ පුළුවන් තරම් ඉක්මනින්. 

13. මම ඔවුන්ගේ චාරිකාවට එකතුවෙන්නයි හිටියේ ඒත් මට වෙලාව තිබුනේ නෑ.

14. හැමෝම ඇවිල්ලා ඉන්නේ මේ වැඩමුළුවට. 

15. ඔවුන්ගෙන් එක්කෙනෙක් පැමිණ සිටියේ නෑ අවසන් දේශණයට.

16. මගේ යාළුවා ඉංග්‍රීසි වලට චතුර වේවි මාස 03 කින්.

17. ඔයාගේ යාළුවා කමල් තමයි වසරේ සිසුවා. 

18. මගේ සහෝදරයා තමයි ඊයේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වුනේ. 

19. අර කොල්ලා ශ්‍රේෂ්ට පෞර්ෂයක් වේවි යම් දිනෙක.

20. ඔක්කොම සිසුන් ටික වගේ ඉන්නේ ගුරුවරයා වටා. 

21. මම වැඩට යනගමන් හිටියේ මට ඇයව අහම්බෙන් හමුවුනු වෙලාවේ.

22. හැමදෙයක්ම නියම පිළිවෙලට තියේවි ඔයා ලබන සතියේ ආපසු එනකොට.

23. අද හැමෝම ගෙදර. 

24. අපි හැමෝම හිටියේ උඩතට්ටුවේ අපට ඒ සද්දය ඇහෙන කොට.

25. ගොඩක් මිනිස්සු මෙතන ඉඳීවී මොහොතකින්.

26. ලේසියි ඉංග්‍රීසි කථාකරන එක මේ ක්‍රමය පාවිච්චිකරලා. 

27. ඔයාට හොඳයි වේලාසනින් නින්දට යන එක. 

28. වරප්‍රසාදයක් ඔයාලත් එක්ක වැඩකරන එක. 

29. මගේ සිහිනය තමයි ව්‍යවසායක‍යෙක් වෙන එක. 

30. ඇත්තටම අමාරු වුනා ඔවුන්ගේ ගේ හොයාගන්න එක. 

31. ඔයාගේ වැඩේ වේවි බල්ලව බලාගන්න එකයි ඌට කෑම දෙන එකයි. 

32. අවශ්‍ය පහසුකම් සියල්ලම තියෙනවා මේ ප්‍රදේශයේ. 

33. අළුත් ඉතාලි ආපනශාලාවක් තියෙනවා පාලම ලඟ. 

34. මේ තට්ටුවේ ගොඩක් දූවිලි තියෙනවා. 

35. කළමණාකාර තුමා එක්ක විශේෂ සාකච්ඡාවක් තිබුනා ඊයේ පස්වරුවේ. 

36. ගොඩක් ව්‍යාකරණ වැරදි තිබුනා ඔයාගේ අන්තිම රචනයේ. 

37. තව අභියෝග තියේවි ලබන අවුරුද්දේ.

38. මට තියෙනවා ආර්ථික විද්‍යා උපාධියක්. 

39. මට ඉන්නවා පිරිසිදු කරන්නෙක් මට මගේ රෙදි ටික සෝදලා දෙන්න.

40. මට තියෙනවා විකට ඇඳුම් සාදයක් යන්න හෙට රෑට. 

41. මට හිටියා යාළුවෙක් මාත් එක්ක මට ඒ අත්දැකීම ලැබුන වෙලාවේ.

42. මට තිබුනා කාලය ඒ සාකච්ඡාවට. 

43. මට කාලය තිබුනා කල්පනාකරලා හොඳම තීරණය ගන්න. 

44. ඔයාට තියේවි වඩා හොඳ ප්‍රතිඵල ඊලඟ පාර. 

45. අපිට වඩා විශාල ගැටළු තියේවි ඉතා ඉක්මනින්.

46. මට මේ පන්තියෙන් සමුගන්න වෙනවා. 

47. මට ඔයාගෙන් සමුගන්න වෙනවා. 

48. මට යථාර්තයට මුහුණදෙන්න වෙනවා. 

49. මට සිද්ධවුනා ඔවුන්ට ඇත්ත කියන්න. 

50. ඔයාට ඔයාගේ අදහස වෙනස්කරගන්න වේවි. 

51. මට පුළුවන් මගේ අරමුණ ඉටුකරගන්න. 

52. මට බෑ මගේ හැඟීම් හංගන්න. 

53. මට පුළුවන්වුනා ඒ සම්මුඛපරීක්ෂණය සමත්වෙන්න. 

54. මට බැරිවුනා තර්ජනය හඳුනාගන්න. 

55. ඔයාට පුළුවන් වේවි හැකි හොඳම මට්ට්මට ලඟාවෙන්න. 

56. ඔවුන්ට පුළුවන්වෙන එකක් නෑ තත්වය පාලනය කරන්න. 

57. මට ගිටාරය ගහන්න පුළුවන්. 

58. මට ගස් නගින්න පුළුවන් මම පොඩි කාලේ. 

59. මට යනවා විනාඩි 20 ක් වැඩට පයින් යන්න. 

60. මට යනවා රුපියල් 1000 ක් එකක් හදන්න. 

61. මට පැයක් ගියා ඒ රචනය ලියන්න. 

62. මට රුපියල් ලක්ෂ පහක් ගියා මේ උපාධිය සම්පූර්ණකරන්න. 

63. ඔයාට දවස් දෙකක් විතර යයි මේ ගමන සැලසුම් කරන්න. 

64. ඔයාට ගොඩක් සල්ලි වියදම් වෙයි මේ ව්‍යාපෘතිය අවසන් කරන්න.

65. මම ඔයාට මේ ගැන කලින් කියලා තියෙනවා. 

66. මම නින්දට ගිහිල්ලා තිබුනේ ඇය මට ෆෝන් කරන කොට.

67. මම විශ්ව විද්‍යාලයෙන් අයින් වෙලා තියේවි ලබන අවුරුද්දේ මේ කාලේ වෙනකොට.


Answers

1. මම ඉංග්‍රීසි කථාකරනවා. - I speak English.

2. ඇය අයිති අපේ කණ්ඩායමට. - She belongs to our team.

3. මම ඒ ගැන කල්පනාකලා ඊයේ රෑ. - I thought about it last night.

4. මම ඇයව සම්බන්ධකරගන්න බලන්නම්. - I'll try to contact her.

5. හැමෝම මේ තීරණයට විරුද්ධව නැගීසිටීවි. - Everyone will stand against this decision.

6. ඔවුන් තොරතුරු එකතුකරමින් ඉන්නේ වාර්ථාවට. - They are collecting information for the report.

7. මම වැඩට වාහනයෙන් යමින් හිටියේ මම ඒක දැකපු වෙලාවේ. - I was driving to work when I saw it.

8. ඇය මාත් එක්ක කාඩ් අතක් ගගහ හිටියේ ඊයේ මේ වෙලාවට. - She was playing a game of cards with me at this time yesterday.

9. අපි රෑ කෑමෙන් පස්සේ ටීවී ටිකක් බලබල හිටියේ ඊයේ 9.30 ට. - We were watching some TV after dinner at 9.30 yesterday.

10. මම එංගලන්තයේ වැඩකරකර ඉඳීවී ලබන මාසේ මේ වෙලාවට. - I will be working in the UK at this time next month. 

11. ඔවුන් ඔයා එනකං බලාගෙන ඉඳීවී ඔයා එතෙන්ට යන කොට. - They will be waiting for you when you get there.

12. මම මාර්ගගත රැකියාවක් හොයාගන්නයි යන්නේ පුළුවන් තරම් ඉක්මනින්. - I'm going to find an online job as soon as possible.

13. මම ඔවුන්ගේ චාරිකාවට එකතුවෙන්නයි හිටියේ ඒත් මට වෙලාව තිබුනේ නෑ. - I was going to join their trip but I didn't have time.

14. හැමෝම ඇවිල්ලා ඉන්නේ මේ වැඩමුළුවට. - Everyone is present for this workshop.

15. ඔවුන්ගෙන් එක්කෙනෙක් පැමිණ සිටියේ නෑ අවසන් දේශණයට. - One of them was absent from the final lecture.

16. මගේ යාළුවා ඉංග්‍රීසි වලට චතුර වේවි මාස 03 කින්. - My friend will be fluent in English in three months.

17. ඔයාගේ යාළුවා කමල් තමයි වසරේ සිසුවා. - You friend Kamal is the student of the year.

18. මගේ සහෝදරයා තමයි ඊයේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වුනේ. - My brother was the chief guest at yesterday's ceremony.

19. අර කොල්ලා ශ්‍රේෂ්ට පෞර්ෂයක් වේවි යම් දිනෙක. - That boy will be a great personality some day.

20. ඔක්කොම සිසුන් ටික වගේ ඉන්නේ ගුරුවරයා වටා. - Almost all the students are around the teacher.

21. මම වැඩට යනගමන් හිටියේ මට ඇයව අහම්බෙන් හමුවුනු වෙලාවේ. - I was on my way to work when she bumped into me.

22. හැමදෙයක්ම නියම පිළිවෙලට තියේවි ඔයා ලබන සතියේ ආපසු එනකොට. - Everything will be in perfect order when you get back next week.

23. අද හැමෝම ගෙදර. - Everyone is home today.

24. අපි හැමෝම හිටියේ උඩතට්ටුවේ අපට ඒ සද්දය ඇහෙන කොට. - We all were upstairs when we heard that noise.

25. ගොඩක් මිනිස්සු මෙතන ඉඳීවී මොහොතකින්. - A lot of people will be here soon. 

26. ලේසියි ඉංග්‍රීසි කථාකරන එක මේ ක්‍රමය පාවිච්චිකරලා. - It's easy to speak English using this method.

27. ඔයාට හොඳයි වේලාසනින් නින්දට යන එක. - It's good for you to go to bed early.

28. වරප්‍රසාදයක් ඔයාලත් එක්ක වැඩකරන එක. - It's a privilege to work with you.

29. මගේ සිහිනය තමයි ව්‍යවසායක‍යෙක් වෙන එක. - It's my dream to be an entrepreneur. 

30. ඇත්තටම අමාරු වුනා ඔවුන්ගේ ගේ හොයාගන්න එක. - It was really difficult to find their house.

31. ඔයාගේ වැඩේ වේවි බල්ලව බලාගන්න එකයි ඌට කෑම දෙන එකයි. - It will be your job to take care of the dog and feed it.

32. අවශ්‍ය පහසුකම් සියල්ලම තියෙනවා මේ ප්‍රදේශයේ. - There are all the necessary amenities in this area.

33. අළුත් ඉතාලි ආපනශාලාවක් තියෙනවා පාලම ලඟ. - There's a new Italian restaurant near the bridge.

34. මේ තට්ටුවේ ගොඩක් දූවිලි තියෙනවා. - There's a lot of dust on this floor.

35. කළමණාකාර තුමා එක්ක විශේෂ සාකච්ඡාවක් තිබුනා ඊයේ පස්වරුවේ. - There was a special meeting yesterday afternoon.

36. ගොඩක් ව්‍යාකරණ වැරදි තිබුනා ඔයාගේ අන්තිම රචනයේ. - There were a lot of grammatical errors in your final essay. 

37. තව අභියෝග තියේවි ලබන අවුරුද්දේ. - There will be more challenges next year.

38. මට තියෙනවා ආර්ථික විද්‍යා උපාධියක්. - I have a degree in economics. / I've got a degree in economics. 

39. මට ඉන්නවා පිරිසිදු කරන්නෙක් මට මගේ රෙදි ටික සෝදලා දෙන්න. - I have a cleaner to do the washing for me.

40. මට තියෙනවා විකට ඇඳුම් සාදයක් යන්න හෙට රෑට. - I have a fancy dress party to go tomorrow night.

41. මට හිටියා යාළුවෙක් මාත් එක්ක මට ඒ අත්දැකීම ලැබුන වෙලාවේ. - I had a friend with me when I had that experience.

42. මට තිබුනා කාලය ඒ සාකච්ඡාවට. - I had time for that discussion.

43. මට කාලය තිබුනා කල්පනාකරලා හොඳම තීරණය ගන්න. - I had time to think and take the best decision.

44. ඔයාට තියේවි වඩා හොඳ ප්‍රතිඵල ඊලඟ පාර. - You will have better results next time.

45. අපිට වඩා විශාල ගැටළු තියේවි ඉතා ඉක්මනින්. - We will have bigger problems very soon.

46. මට මේ පන්තියෙන් සමුගන්න වෙනවා. - I have to say goodbye for this class.

47. මට ඔයාගෙන් සමුගන්න වෙනවා. - I have to say goodbye to you.

48. මට යථාර්තයට මුහුණදෙන්න වෙනවා කෙසේහෝ. - I have to face the reality somehow.

49. මට සිද්ධවුනා ඔවුන්ට ඇත්ත කියන්න. - I had to tell them the truth.

50. ඔයාට ඔයාගේ අදහස වෙනස්කරගන්න වේවි. - You will have to change your mind.

51. මට පුළුවන් මගේ අරමුණ ඉටුකරගන්න. - I can achieve my goal.

52. මට බෑ මගේ හැඟීම් හංගන්න. - I can't hide my feelings.

53. මට පුළුවන්වුනා ඒ සම්මුඛපරීක්ෂණය සමත්වෙන්න. - I was able to get through that interview.

54. මට බැරිවුනා තර්ජනය හඳුනාගන්න. - I couldn't detect the threat.

55. ඔයාට පුළුවන් වේවි හැකි හොඳම මට්ට්මට ලඟාවෙන්න. - You'll be able to reach the best possible level.

56. ඔවුන්ට පුළුවන්වෙන එකක් නෑ තත්වය පාලනය කරන්න. - They won't be able to keep the situation under control.

57. මට ගිටාරය ගහන්න පුළුවන්. - I can play the guitar.

58. මට ගස් නගින්න පුළුවන් මම පොඩි කාලේ. - I could climb trees when I was young.

59.  මට යනවා විනාඩි 20 ක් වැඩට පයින් යන්න. - It takes me 20 minutes to walk to work.

60. මට යනවා රුපියල් 1000 ක් එකක් හදන්න. - It costs me 1000 rupees to make one.

61. මට පැයක් ගියා ඒ රචනය ලියන්න. - I took me an hour to write that essay. 

62. මට රුපියල් ලක්ෂ පහක් ගියා මේ උපාධිය සම්පූර්ණකරන්න. - It cost me 500 000 rupees to complete this degree.

63. ඔයාට දවස් දෙකක් විතර යයි මේ ගමන සැලසුම් කරන්න. - It will take you about two days to plan this journey.

64. ඔයාට ගොඩක් සල්ලි වියදම් වෙයි මේ ව්‍යාපෘතිය අවසන් කරන්න. - It will cost you a lot of money to finish this project.

65. මම ඔයාට මේ ගැන කලින් කියලා තියෙනවා. - I have told you about this before.

66. මම නින්දට ගිහිල්ලා තිබුනේ ඇය මට ෆෝන් කරන කොට. - I had gone to bed when she phoned me.

67. මම විශ්ව විද්‍යාලයෙන් අයින් වෙලා තියේවි ලබන අවුරුද්දේ මේ කාලේ වෙනකොට. - I will have left university by this time next year.

CHART – 1 – TRANSLATION

1.       ගුරුවරයාගෙන් අහන්න මේ ගැන.

2.       අටට රෑ කෑම ගන්න.

3.       රෙදි සෝදන්න සති අන්තයේදී.

4.       උදේ පාන්දරින් අවදි වෙන්න.

5.       මම සඟරා කියවනවා මම නිදහසේ ඉන්න වෙලාවට.

6.       ඔවුන් පාටි දානවා ගොඩක් නිතර.

7.       මම වැඩට යන්නේ වාහනයෙන්.

8.       මගේ දෙමාපියන් ෂොපිං කරන්නේ සිකුරාදා පස්වරුවේ.

9.       ඔහු හැමෝටම උදවුකරනවා.

10.   මගේ අම්මා වැඩකරන්නේ සාත්තු සේවිකාවක් ලෙස.

11.   හැමෝම දවල්ට කනවා වේලාසනින්.

12.   සමන් රෙදි මදින්නේ දවසක් හැර දවසක්.

13.   මම මගේ සීයා බලන්න ගියා පසුගිය සති අන්තයේ.

14.   අපි පාටියක් දැම්මා ඊයේ රෑ.

15.   මම ගැන කල්පනා කලා ටික වෙලාවකට කලින්.

16.   ඔවුන් මේක කලේ මොහොතකට කලින්.

17.   මම ඔයාට කියන්නම් ගැන පස්සේ.

18.   අපි ඔයට මේක කරලා දෙන්නම් අද හවසට.

19.   ඔවුන් සාකච්චාව කරාවි ඉක්මනින්ම.

20.   හැමෝම සාභාගීවේවී මේ වැඩමුළුවට.


CHART – 1 – TRANSLATION (answers)

1.       ගුරුවරයාගෙන් අහන්න මේ ගැන. – Ask the teacher about this.

2.       අටට රෑ කෑම ගන්න. – Have dinner at 8.00.

3.       රෙදි සෝදන්න සති අන්තයේදී. – Do the washing at the weekend.

4.       උදේ පාන්දරින් අවදි වෙන්න. – Wake up early in the morning.

5.       මම සඟරා කියවනවා මම නිදහසේ ඉන්න වෙලාවට. – I read magazines when I’m free.

6.       ඔවුන් පාටි දානවා ගොඩක් නිතර. – They have parties very often.

7.       මම වැඩට යන්නේ වාහනයෙන්. – I drive to work.

8.       මගේ දෙමාපියන් ෂොපිං කරන්නේ සිකුරාදා පස්වරුවේ. – My parents do the shopping on Friday afternoon.

9.       ඔහු හැමෝටම උදවුකරනවා. – He helps everyone.

10.   මගේ අම්මා වැඩකරන්නේ සාත්තු සේවිකාවක් ලෙස. – My mother works as an attendant.

11.   හැමෝම දවල්ට කනවා වේලාසනින්. – Everyone has lunch early.

12.   සමන් රෙදි මදින්නේ දවසක් හැර දවසක්. – Saman does the washing every other day.

13.   මම මගේ සීයා බලන්න ගියා පසුගිය සති අන්තයේ. – I visited my grandfather last weekend.

14.   අපි පාටියක් දැම්මා ඊයේ රෑ. – We had a party last night.

15.   මම  ගැන කල්පනා කලා ටික වෙලාවකට කලින්. – I thought about it some time ago.

16.   ඔවුන් මේක කලේ මොහොතකට කලින්. – They did this a moment ago.

17.   මම ඔයාට කියන්නම්  ගැන පස්සේ. – I’ll tell you about it later.

18.   අපි ඔයාට  මේක කරලා දෙන්නම් අද හවසට. – We’ll do this for you this afternoon.

19.   ඔවුන් සාකච්චාව කරාවි ඉක්මනින්ම. – They will have the discussion soon.

20.   හැමෝම සාභාගීවේවී මේ වැඩමුළුවට. – Everyone will attend the workshop.

 

CHART – 2 – TRANSLATION

1.       ඉවසිලිමත් වෙන්න.

2.       ඉංග්‍රීසි වලට චතුර වෙන්න.

3.       විනාඩි 10 ක් වේලාසන වෙන්න.

4.       අම්මා කෙනෙක් තරම් කාරුණික වෙන්න.

5.       මේ පාර ජයග්‍රාහකයා වෙන්න.

6.       සාදයේ ඉන්න.

7.       පොඩි එකා එක්ක ඉන්න.

8.       මෙතන ඉන්න.

9.       උඩතට්ටුවේ ඉන්න.

10.   මම වේලාසනයි දේශණයට.

11.   ඇය මෙතන අධීක්ෂක වරියක්.

12.   මගේ යාළුවන් ඔක්කොම පුස්ථකාලයේ.

13.   සමන් උඩතට්ටුවේ.

14.   අපි කාරණය සාකච්ඡාකරමින් ඉන්නේ.

15.   අපි හිටියේ බස් නැවතුවේ අනතුර වෙන කොට.

16.   ඇය අසනීපයෙන් හිටියේ පෙරෙඉදා.

17.   ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරකර හිටියේ වහින්න පටන්ගන්න කොට.

18.   හැමෝම පරක්කු වේවි වැඩට අද.

19.   ඇය ඉඳීවි මෙතන ඉක්මනින්.

20.   ඔවුන් වැවකරකර ඉඳීවී ඔයා එතෙන්ට යන කොට.

21.   මම රැකියාවක් සොයසොය ඉඳීවී ලබන අවුරුද්දේ මේ කාලෙදි.

22.   මම ඉන්නම් ඔයත් එක්ක සදහටම.

23.   මම පුළුවන් තරම් ශක්තිමත් වෙන්නම්.

24.   බැංකුවක් තියෙනවා මේ ලඟ.

25.   ලියුම් 10 ක් තිබුනා ෆඉල් එකේ.

26.   හොඳ කාල වගේම නරක කාලත් තියේවි අනාගතයේ දී.

27.   ලේසියි ඉංග්‍රීසි කථාකරන්න ඉගෙනගන්න එක මේ ක්‍රමය පාවිච්චිකරලා.

28.   මගේ එකම සිහිනය රට යන එක.

29.   මගේ වැඩේ උනේ එයාලගේ බල්ලා බලාගන්න එක.

30.   අනිවාර්ය වේවි නිල ඇඳුම අඳින එක මේ උත්සවයට.

31.   ඔයාලත් එක්ක මෙතන ඉන්න එක නියමයි.

32.   මට පෙන්වන්න බෑ සාද වලට ප්‍රමාද වීම.

 

CHART – 2 – TRANSLATION (answers)

1.       ඉවසිලිමත් වෙන්න. – Be patient.

2.       ඉංග්‍රීසි වලට චතුර වෙන්න. – Be fluent in English.

3.       විනාඩි 10 ක් වේලාසන වෙන්න. – Be 10 minutes early.

4.       අම්මා කෙනෙක් තරම් කාරුණික වෙන්න. – Be as kind as a mother.

5.       මේ පාර ජයග්‍රාහකයා වෙන්න. – Be the winner this time.

6.       සාදයේ ඉන්න. – Be at the party. / Stay at the party.

7.       පොඩි එකා එක්ක ඉන්න. – Be with the kid. / Stay with the kid.

8.       මෙතන ඉන්න. – Be here. / Stay here.

9.       උඩතට්ටුවේ ඉන්න. – Be upstairs. / Stay upstairs.

10.   මම වේලාසනයි දේශණයට. – I’m early for the lecture.

11.   ඇය මෙතන අධීක්ෂක වරියක්. – She’s a supervisor here.

12.   මගේ යාළුවන් ඔක්කොම පුස්ථකාලයේ. – All my friends are in the library.

13.   සමන් උඩතට්ටුවේ. – Sman’s upstairs.

14.   අපි කාරණය සාකච්ඡාකරමින් ඉන්නේ. – We’re discussing the matter.

15.   අපි හිටියේ බස් නැවතුවේ අනතුර වෙන කොට. – We were at the bus stop when the accident happened.

16.   ඇය අසනීපයෙන් හිටියේ පෙරෙඉදා. – She was unwell the day before yesterday.

17.   ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරකර හිටියේ වහින්න පටන්ගන්න කොට. – They were playing cricket when it started to rain.

18.   හැමෝම පරක්කු වේවි වැඩට අද. – Everyone will be late for work today.

19.   ඇය ඉඳීවි මෙතන ඉක්මනින්. – She’ll be here soon.

20.   ඔවුන් වැවකරකර ඉඳීවී ඔයා එතෙන්ට යන කොට. – They’ll be working when you get there.

21.   මම රැකියාවක් සොයසොය ඉඳීවී ලබන අවුරුද්දේ මේ කාලෙදි. – I’ll be looking for a job this time next year.

22.   මම ඉන්නම් ඔයත් එක්ක සදහටම. – I’ll be with you forever.

23.   මම පුළුවන් තරම් ශක්තිමත් වෙන්නම්. – I’ll be as strong as I can be.

24.   බැංකුවක් තියෙනවා මේ ලඟ. – There’s a bank near here.

25.   ලියුම් 10 ක් තිබුනා  ෆඉල් එකේ. – There were 10 letters in that file.

26.   හොඳ කාල වගේම නරක කාලත් තියේවි අනාගතයේ දී. – There will be good times as well as bad times in the future.

27.   ලේසියි ඉංග්‍රීසි කථාකරන්න ඉගෙනගන්න එක මේ ක්‍රමය පාවිච්චිකරලා. – It’s easy to speak English using this method.

28.   මගේ එකම සිහිනය රට යන එක. – It’s my only dream to go abroad.

29.   මගේ වැඩේ උනේ එයාලගේ බල්ලා බලාගන්න එක. – It was my job to look after their dog.

30.   අනිවාර්ය වේවි නිල ඇඳුම අඳින එක මේ උත්සවයට. – It’ll be compulsory to wear the uniform.

31.   ඔයාලත් එක්ක මෙතන ඉන්න එක නියමයි. – It’s great to be here with you.

32.   මට පෙන්වන්න බෑ සාද වලට ප්‍රමාද වීම. – I hate being late for parties.


CHART – 3 – TRANSLATION

1.       මට ඉන්නවා ගොඩක් යාළුවන්.

2.       අපට තියෙනවා කාලය ටිකක්.

3.       යතුර ගුරුවරයා ලඟ.

4.       මට තියෙනවා හිසරදයක්.

5.       ඇයට තියෙනවා කළු පොකුටු කොණ්ඩයක්.

6.       ඔවුන්ට තියෙනවා ගොඩක් වැඩ කරන්න.

7.       මගෙ ලඟ තියෙනවා ඔයාට විශේෂ දෙයක්.

8.       වාසනාවකට, ඒ ලියුම තිබුනේ මගේ ලඟ මගේ ෆයිල් එකේ.

9.       අපිට තිබුනා ඇතිතරම් කාලය ඒ ගැන කල්පනා කිරීමට.

10.   ඔයාට තියේවී වඩා හොඳ ප්‍රතිඵල මේ පාර.

11.   වඩා හොඳයි පළපුරුද්ද තියෙන එක.

12.   ඕනෑවට වඩා යාළුවන් ඉඳීමේ ප්‍රතිඵලයක් ලෙස මම අසමත් වුනා මගේ ඉලක්කය සපුරා ගන්න.


CHART – 3 – TRANSLATION

1.       මට ඉන්නවා ගොඩක් යාළුවන්. – I have a lot of friends. / I’ve got a lot of friends.

2.       අපට තියෙනවා කාලය ටිකක්. – We have some time. / We’ve got some time.

3.       යතුර ගුරුවරයා ලඟ. – The teacher has the key. / The teacher has got the key.

4.       මට තියෙනවා හිසරදයක්. – I have a headache. / I’ve got a headache.

5.       ඇයට තියෙනවා කළු පොකුටු කොණ්ඩයක්. – She has black curly hair. / She’s got black curly hair.

6.       ඔවුන්ට තියෙනවා ගොඩක් වැඩ කරන්න. – They have a lot of work to do. / They’ve got a lot of work to do.

7.       මගෙ ලඟ තියෙනවා ඔයාට විශේෂ දෙයක්. – I have something special for you. / I’ve got something special for you.

8.       වාසනාවකට, ලියුම තිබුනේ මගේ ලඟ මගේ ෆයිල් එකේ. – Fortunately, I had that letter in my file.

9.       අපිට තිබුනා ඇතිතරම් කාලය ගැන කල්පනා කිරීමට. – We had enough time to think about it.

10.   ඔයාට තියේවී වඩා හොඳ ප්‍රතිඵල මේ පාර. – You’ll have better results this time.

11.   වඩා හොඳයි පළපුරුද්ද තියෙන එක. – It’s better to have experience.

12.   ඕනෑවට වඩා යාළුවන් ඉඳීමේ ප්‍රතිඵලයක් ලෙස මම අසමත් වුනා මගේ ඉලක්කය සපුරා ගන්න. – As a result of having too many friends, I failed to achieve my goal.


CHART – 4 – TRANSLATION

1.       ඉංග්‍රීසි කථාකරන්න පුළුවන් වෙන්න.

2.       මට ඕනි කිමිදෙන්න පුළුවන් වෙන්න.

3.       අවශ්‍යයි දෙමළ තේරුම්ගන්න පුළුවන්වෙන එක.

4.       මට පුළුවන් මගේ හිත හදාගන්න.

5.       අපිට බෑ මේක තීරණය කරන්න මේ දැන්.

6.       මට පුළුවන් වුනා වේලාසන බස් එක අල්ලාගන්න අද උදේ.

7.       මට බැරිවුනා දොර ලොක්කරන්න මම ගෙදරින් පිටත්වෙන කොට.

8.       ඔයාට පුළුවන් වේවි ඔයාගේ උපාධිය සම්පූර්ණ කරන්න අවුරුදු 2 කින්.

9.       ඔවුන්ට පුළුවන් වෙන එකක් නෑ මේ බැංකු ණය ලබාගන්න.

10.   මට ජොබ් එක ලැබුනේ බර වාහන පැදවීමට පුළුවන්වීමේ ප්‍රතිඵලයක් ලෙස.


CHART – 4 – TRANSLATION (answers)

1.       ඉංග්‍රීසි කථාකරන්න පුළුවන් වෙන්න. – Be able to speak English.

2.       මට ඕනි කිමිදෙන්න පුළුවන් වෙන්න. – I want to be able to swim.

3.       අවශ්‍යයි දෙමළ තේරුම්ගන්න පුළුවන්වෙන එක. – It necessary to be able to understand Tamil.

4.       මට පුළුවන් මගේ හිත හදාගන්න. – I can make up my mind.

5.       අපිට බෑ මේක තීරණය කරන්න මේ දැන්. – I can’t decide this right now.

6.       මට පුළුවන් වුනා වේලාසන බස් එක අල්ලාගන්න අද උදේ. – I was able to catch the early bus this morning.

7.       මට බැරිවුනා දොර ලොක්කරන්න මම ගෙදරින් පිටත්වෙන කොට. – I couldn’t lock the door when I left home.

8.       ඔයාට පුළුවන් වේවි ඔයාගේ උපාධිය සම්පූර්ණ කරන්න අවුරුදු 2 කින්. – You’ll be able to complete your degree in two years.

9.       ඔවුන්ට පුළුවන් වෙන එකක් නෑ මේ බැංකු ණය ලබාගන්න. – They won’t be able to obtain this bank loan.

10.   මට ජොබ් එක ලැබුනේ බර වාහන පැදවීමට පුළුවන්වීමේ ප්‍රතිඵලයක් ලෙස. – I got the job as a result of being able to drive heavy vehicles.


CHART – 5 – TRANSLATION

1.       ඔය තව පුහුණුවිය යුතුයි.

2.       ඔයා අව්වේ වැඩකරන්න හොඳ නෑ.

3.       මම පාට වෙනස්කල යුතුද?

4.       ඔයා අඩුවෙන් කෑවොත් හොඳයි.

5.       ඔයා ඔයාගේ සල්ලි වත් කාලය වත් නැතිකරගන්න හොඳ නෑ.

6.       ඔයාට වේලාසනින් නින්දය යන්න තියෙනවා.

7.       ඔයාට නෑ ඔහුට මොකුත් කරලා දෙන්න.

8.       මට මේ ලියුම ඉංග්‍රීසියෙන්ද ලියන්න තියෙන්නේ?

9.       ඔයා මේ ගෙවීම කරන්නම ඕනි.

10.   ඔයා අටෙන් පස්සේ එළියට යන්නම එපා.

11.   මම ඔයාට හැමදෙයක්ම කරලා දෙන්නම ඕනිද?

12.   ඔයාට මේ අදහස අත්හැරගන්න වෙනවා.

13.   ඔයාට නෑ මේ ෆෝම් එක පුරවන්න.

14.   මට මේ ගිවිසුම අත්සන් කරන්න වෙනවද?

15.   මට ඒ තීරණය ගන්න උනා.

16.   ඔයාට ඔවුන් එනකං ඉන්න තිබුනේ නෑ.

17.   ඔයාට පොලීසියට ඇත්ත කියන්න උනාද?

18.   ඔයාට මේ වැඩසටහන කල්දාන්න වේවි.

19.   ඔයාට එයාගේ බල්ලා බලාගන්න වෙන එකක් නෑ.


CHART – 5 – TRANSLATION (answers)

1.       ඔය තව පුහුණුවිය යුතුයි. – You should practice more. / You ought to practice more.

2.       ඔයා අව්වේ වැඩකරන්න හොඳ නෑ. – You shouldn’t work in the sun. / You oughtn’t to work in the sun.

3.       මම පාට වෙනස්කල යුතුද? – Should I change the colour.

4.       ඔයා අඩුවෙන් කෑවොත් හොඳයි. – You had better eat less.

5.       ඔයා ඔයාගේ සල්ලි වත් කාලය වත් නැතිකරගන්න හොඳ නෑ. – You’d better not lose your money or time.

6.       ඔයාට වේලාසනින් නින්දය යන්න තියෙනවා. – You’re supposed to go to bed early.

7.       ඔයාට නෑ ඔහුට මොකුත් කරලා දෙන්න. – You aren’t supposed to do anything for him.

8.       මට මේ ලියුම ඉංග්‍රීසියෙන්ද ලියන්න තියෙන්නේ? – Am I supposed to write this letter in English?

9.       ඔයා මේ ගෙවීම කරන්නම ඕනි. – You must make this payment.

10.   ඔයා අටෙන් පස්සේ එළියට යන්නම එපා. – You mustn’t go out after eight.

11.   මම ඔයාට හැමදෙයක්ම කරලා දෙන්නම ඕනිද? – Must I do everything for you?

12.   ඔයාට මේ අදහස අත්හැරගන්නම වෙනවා. – You have to give up this idea.

13.   ඔයාට නෑ මේ ෆෝම් එක පුරවන්න. – You don’t have to fill in this form. / You don’t need to fill in this form. / You needn’t fill in this form.

14.   මට මේ ගිවිසුම අත්සන් කරන්න වෙනවද? – Do I have to sign this agreement?

15.   මට තීරණය ගන්න උනා. – I had to take that decision.

16.   ඔයාට ඔවුන් එනකං ඉන්න තිබුනේ නෑ. – You didn’t have to wait for them. / You didn’t need to wait for them. / You needn’t have waited for them?

17.   ඔයාට පොලීසියට ඇත්ත කියන්න උනාද? – Did you have to tell the police the truth?

18.   ඔයාට මේ වැඩසටහන කල්දාන්න වේවි. – You’ll have to postpone this programme.

19.   ඔයාට එයාගේ බල්ලා බලාගන්න වෙන එකක් නෑ. – You won’t have to look after his dog.


CHART – 6 – TRANSLATION

1.       මම මිල අධික හෝටල් වල නැවතිලා ඉඳලා තියෙනවා.

2.       මම මුහුදේ පීනලා තියෙනවා.

3.       මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා.

4.       මම ඔයාට කියලා තියෙනවා සිය පාරකට වඩා.

5.       මම තාත්තගෙන් මේ ගැන අහලා තියෙන්නේ.

6.       මම දවල්ට කාලා ඉන්නේ.

7.       මම රෙදි සෝදලා තියෙන්නේ.

8.       මම ලොකු අත්වැරැද්දක් කරලා.

9.       තාත්තා නුවර ගිහිල්ලා.

10.   තාත්තා යාපනේ ගිහිල්ලා තියෙනවා.

11.   අම්මා පොළේ ගිහිල්ලා.

12.   අම්මා පොළේ ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ.

13.   මම මේ දැන් මේ කමිසය මිලට ගත්තේ.

14.   මම දවල්ට කෑවා විතරයි.

15.   මම දැනටමත් හැමෝටම ආරාධනාකරලා තියෙන්නේ.

16.   මම ඇයත් එක්ක කථාකරලා පවා තියෙනවා.

17.   මම ගේම් එක දිනලම වගේ.

18.   මට තාම ඒ ලියුම ලැබිලා නෑ.

19.   මම කවදාවත් මීකිරි කාලා නෑ.

20.   ඔයා කවදහරි එහේ ගිහිල්ලා තියෙනවද?

21.   මේක තමයි පළවෙනි වතාව මම ප්‍රංශ ෆිල්ම් එකක් බලපු.

22.   තාත්තා ගෙදර එනකොට අම්මා රෑ කෑම හදලා තිබුනේ.

23.   ඔයා ආපසු එන කොට මම මගේ අදහස වෙනස්කරගෙන ඉඳීවී.


CHART – 6 – TRANSLATION (answers)

1.       මම මිල අධික හෝටල් වල නැවතිලා ඉඳලා තියෙනවා. – I have stayed at expensive hotels.

2.       මම මුහුදේ පීනලා තියෙනවා. – I have swum in the sea.

3.       මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා. – I have watched this film/movie.

4.       මම ඔයාට කියලා තියෙනවා සිය පාරකට වඩා. – I have told you more than a hundred times.

5.       මම තාත්තගෙන් මේ ගැන අහලා තියෙන්නේ. – I have asked father about this.

6.       මම දවල්ට කාලා ඉන්නේ. – I have had lunch.

7.       මම රෙදි සෝදලා තියෙන්නේ. – I have done the washing.

8.       මම ලොකු අත්වැරැද්දක් කරලා. – I have made a big mistake.

9.       තාත්තා නුවර ගිහිල්ලා. – Father has gone to Kandy.

10.   තාත්තා යාපනේ ගිහිල්ලා තියෙනවා. – Father has been to Jaffna.

11.   අම්මා පොළේ ගිහිල්ලා. – Mother has gone to the market.

12.   අම්මා පොළේ ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ. – Mother has been to the market.

13.   මම මේ දැන් මේ කමිසය මිලට ගත්තේ. – I have just bought this shirt.

14.   මම දවල්ට කෑවා විතරයි. – I have just had lunch.

15.   මම දැනටමත් හැමෝටම ආරාධනාකරලා තියෙන්නේ. – I have already invited everyone.

16.   මම ඇයත් එක්ක කථාකරලා පවා තියෙනවා. – I have even spoken to her.

17.   මම ගේම් එක දිනලම වගේ. – I have almost won the game.

18.   මට තාම ලියුම ලැබිලා නෑ. – I haven’t received your letter yet.

19.   මම කවදාවත් මීකිරි කාලා නෑ. – I have never eaten curd.

20.   ඔයා කවදහරි එහේ ගිහිල්ලා තියෙනවද? – Have you ever been there?

21.   මේක තමයි පළවෙනි වතාව මම ප්‍රංශ ෆිල්ම් එකක් බලපු. – This is the first time I’ve watched a French film.

22.   තාත්තා ගෙදර එනකොට අම්මා රෑ කෑම හදලා තිබුනේ. – When father got home, mother had made dinner.

23.   ඔයා ආපසු එන කොට මම මගේ අදහස වෙනස්කරගෙන ඉඳීවී. – When you get back, I’ll have changed my mind.


STATIVE VERBS IN PRESENT PERFECT TENSE

1.       මම ඔයාගේ තාත්තව දන්නේ අවුරුදු 10 ක් තිස්සේ.

2.       මට උපාධියක් අවශ්‍ය වෙලා තියෙන්නේ මම මෙහේ වැඩ පටන්ගත්ත වෙලේ ඉඳන්.

3.       මට මේ නිෂ්පාදනය ඕනි වෙලා තියෙන්නේ ටික කාලෙක ඉඳන්.

4.       මම මේ ප්‍රජාවට අයත්ව ඉඳලා තියෙන්නේ අවුරුදු 10 කට වඩා වැඩි කාලයක් තිස්සේ.

5.       මම මේ ගමේ ජීවත්වෙන්නේ මම කසාඳ බැඳපු දවසේ ඉඳන්.

6.       මම මෙහේ වැඩකරන්නේ මම විශ්ව විද්‍යාලයෙන් අස්වුනු දවසේ ඉඳන්.

7.       අවුරුදු 20 ක් තිස්සේ මම ඉංග්‍රීසි ගුරුවරයෙක්.

8.       මම බස් නැවතුමේ ඉන්නේ 8.30 ඉඳන්.

9.       අපි යාළුවෝ අපි පොඩි කාලේ ඉඳන්.

10.   මම මෙතන ඉන්නේ විනාඩි 10 ක් තිස්සේ.

11.   මම බැඳලා අවුරුදු 10 ක් වෙනවා.

12.   මට මේ හිසරදය තියෙන්නේ ඊයේ ඉඳන්.

13.   මගේ ලඟ මේ ලියවිල්ල තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ.

14.   මට මේ අදහස තිබිලා තියෙන්නේ මම ඉස්කෝලෙන් අස්වුනු දවසේ ඉඳන්.

15.   අපිට මේ ගැටළුව තිබිලා තියෙන්නේ මේ අවුරුද්දේ මුල ඉඳන්.

16.   මම මුද්දර එකතුකරන්නේ මම පොඩිකාලේ ඉඳන්.

17.   අපි ටීවී බලන්නේ 7.30 ඉඳන්.

18.   තාත්තා වත්තේ වැඩකරන්නේ එයා වැඩ ඇරිලා ගෙදර ආපු වෙලේ ඉඳන්.

19.   පැය දෙකක් තිස්සේ මම ඩ්‍රයිව් කරනවා.

20.   ඊයේ රෑ ඉඳන් වහිනවා.

21.   මම ඉංග්‍රීසි ඉගෙනගන්නේ මම 4 ශ්‍රේණියේ හිටපු කාලේ ඉඳන්.

22.   සමාවෙන්න මට බෙල් එක ඇහුනේ නෑ. මම කුස්සියේ උයඋය හිටියේ.

23.   මොකක්ද අවුල. ඔයාගේ ඇස්වල කඳුළු. මම ලූනු සුද්දකරකර හිටියේ.

24.   මම ඒ ඇබෑර්තුව දකින කොට මම රැකියාවක් හොයමින් ඉඳලා තිබුනා මාස 04 ක්.


STATIVE VERBS IN PRESENT PERFECT TENSE (answers)

1.       මම ඔයාගේ තාත්තව දන්නේ අවුරුදු 10 ක් තිස්සේ. – I have known your father for 10 years.

2.       මට උපාධියක් අවශ්‍ය වෙලා තියෙන්නේ මම මෙහේ වැඩ පටන්ගත්ත වෙලේ ඉඳන්. – I have needed a degree since I started work here.

3.       මට මේ නිෂ්පාදනය ඕනි වෙලා තියෙන්නේ ටික කාලෙක ඉඳන්. – I have wanted this product for some time.

4.       මම මේ ප්‍රජාවට අයත්ව ඉඳලා තියෙන්නේ අවුරුදු 10 කට වඩා වැඩි කාලයක් තිස්සේ. – I have belonged to this community for more than 10 years.

5.       මම මේ ගමේ ජීවත්වෙන්නේ මම කසාඳ බැඳපු දවසේ ඉඳන්. – I have lived in this village since I got married.

6.       මම මෙහේ වැඩකරන්නේ මම විශ්ව විද්‍යාලයෙන් අස්වුනු දවසේ ඉඳන්. – I have worked here since I left university.

7.       අවුරුදු 20 ක් තිස්සේ මම ඉංග්‍රීසි ගුරුවරයෙක්. – I have been an English teacher for 20 years.

8.       මම බස් නැවතුමේ ඉන්නේ 8.30 ඉඳන්. – I have been at the bus stop since 8.30.

9.       අපි යාළුවෝ අපි පොඩි කාලේ ඉඳන්. – We have been friends since we were young.

10.   මම මෙතන ඉන්නේ විනාඩි 10 ක් තිස්සේ. – I have been here for 10 minutes.

11.   මම බැඳලා අවුරුදු 10 ක් වෙනවා. – I have been married for 10 years.

12.   මට මේ හිසරදය තියෙන්නේ ඊයේ ඉඳන්. – I have had this headache since yesterday.

13.   මගේ ලඟ මේ ලියවිල්ල තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ. – I have had this document for many years.

14.   මට මේ අදහස තිබිලා තියෙන්නේ මම ඉස්කෝලෙන් අස්වුනු දවසේ ඉඳන්. – I have had this idea since I left school.

15.   අපිට මේ ගැටළුව තිබිලා තියෙන්නේ මේ අවුරුද්දේ මුල ඉඳන්. – We have had this problem since the beginning of this year.

16.   මම මුද්දර එකතුකරන්නේ මම පොඩිකාලේ ඉඳන්. – I have been collecting stamps since I was young.

17.   අපි ටීවී බලන්නේ 7.30 ඉඳන්. – We have been watching TV since 7.30.

18.   තාත්තා වත්තේ වැඩකරන්නේ එයා වැඩ ඇරිලා ගෙදර ආපු වෙලේ ඉඳන්. – Father has been working in the garden since he got back home from work.

19.   පැය දෙකක් තිස්සේ මම ඩ්‍රයිව් කරනවා. – I’ve been driving for two hours.

20.   ඊයේ රෑ ඉඳන් වහිනවා. – It has been raining since last night.

21.   මම ඉංග්‍රීසි ඉගෙනගන්නේ මම 4 ශ්‍රේණියේ හිටපු කාලේ ඉඳන්. – I have been learning English since I was in grade four.

22.   සමාවෙන්න මට බෙල් එක ඇහුනේ නෑ. මම කුස්සියේ උයඋය හිටියේ. – I’m sorry I didn’t hear the bell. I’ve been cooking in the kitchen.

23.   මොකක්ද අවුල. ඔයාගේ ඇස්වල කඳුළු. මම ලූනු සුද්දකරකර හිටියේ. – What’s wrong? There’re tears in your eyes. I’ve been peeling onions.

24.   මම ඇබෑර්තුව දකින කොට මම රැකියාවක් හොයමින් ඉඳලා තිබුනා මාස 04 ක්. – When I saw that vacancy, I had been looking for a job for four months.


Comments

Popular posts from this blog

Break into English - Free Workshop